ලේක්හවුස් මාධ්ය ඇකඩමියේ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත්
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂ දායකත්වයක් එක් කළ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මාධ්‍ය ඇකඩමිය මගින් පවත්වාගෙන යන මාධ්‍ය සන්නිවේදන හා ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (23) පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් 15 දෙනෙකුටද ඩිප්ලෝමා සහතික ප්‍රදානය ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරුණා.
මෙහිදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අතින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව ආරමිභ කිරීමට දැක්වු දායකත්වය අගයමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත සමරු තිළිණයක් පිලි ගැන්වූවා.
මෙම අවස්ථාවට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ලේක්හවුස් මාධ්ය ඇකඩමියේ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් appeared first on ITN News.