ප්රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්
අඹතලේ පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ , දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ මෙන්ම මහරගම , බොරලැස්ගමුව ,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත , මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍ර දේශවලට ද රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
අලුත්වැඩියා කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි ජාතික ජල සම්පාදන හා ජලඅපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
The post ප්රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක් appeared first on ITN News.