How can Sri Lankan charities find international donors and partners?

තවත් ප්රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

- itnnews.lk

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙවන කණ්ඩායම ඊයේ හමාස් භාරයෙන් මිදී පිටව ගිය අතර, පැය ගණනක් ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල නෑදෑයින් දැඩි නොසන්සුන් ආකාරයෙන් සිටින ආකාරය දැක ගත හැකි වුණා.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ගාසා තීරයේදී ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු නිදහස් කළ අතර ඒ වෙනුවට බටහිර ඉවුරේ තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු ඊශ්‍රායලය නිදහස් කළ බවයි.

හමාස් සංවිධානය තායිලන්ත ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු ද නිදහස් කර තිබෙනවා.

කටාරය විසින් මැදිහත් වූ තාවකාලික සිව් දින සටන් විරාම ගිවිසුමක් යටතේ පළමු නිදහස් කිරීම සිකුරාදා සිදු වුණා.

හමාස් සන්නද්ධ අංශය වන කසාම් බළකාය කියා සිටියේ උතුරු ගාසා තීරයට ආධාර බෙදා හැරීම සහ හමාස් සංවිධානය අල්ලාගෙන සිටින සිරකරුවන් සඳහා පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා තෝරා ගැනීමේ නිර්ණායක පිළිබඳ ගැටළු පවතින බවයි.

ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළා.

හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ සිකුරාදා සිට ගාසා තීරයට මුළු ආධාර ට්‍රක් රථ 340 ක් ගොස් ඇති නමුත් උතුරු ගාසා තීරයට ළඟා වී ඇත්තේ 65 ක් පමණක් බවයි.

එය ඊශ්‍රායලය එකඟ වූ ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු බව ඔහු පවසනවා.

ඊශ්‍රායලය ගාසාහි උතුරු කලාපය යුද කලාපයක් ලෙස සලකන අතර ආධාර ලබාදීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරී ඇති බවයි පැවසෙන්නේ.

සටන් විරාම ගිවිසුම යටතේ, පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු වෙනුවෙන් හමාස් සංවිධානය විසින් දින හතරක් ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

ඊට කාන්තාවන් සහ ළමුන් ඇතුළත්. ඊශ්‍රායල රජය පවසන්නේ අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙකු දිනකට නිදහස් කළහොත් සටන් විරාමය දීර්ඝ කළ හැකි බවයි.

නමුත් ඊශ්‍රායලය හමාස් සංවිධානය මුලුමනින්ම විනාශ කර දැමීමට ද ප්‍රතිඥා දී ඇති අතර මෙම ගනුදෙනුව තාවකාලික බව අවධාරනය කර තිබෙනවා.

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 240 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබුණා.

ඔවුන් එල්ල කළ රොකට් ප්‍රහාර වලින් 1200දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගෙන් බහුතරයක් සිවිල් වැසියන්.

ප්‍රතිප්‍රහාර  ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට ඉවක් බවක් නොමැතිව බෝම්බ ප්‍රහාර එල්ල කර එහි යටිතල පහසුකම් විනාශ කර තිබෙනවා.

හමාස් සංවිධානය පවසන්නේ එම ප්‍රහාර වලින් ළමුන් ඇතුලුව 15,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.

The post තවත් ප්රාණ ඇපකරුවන් පිරිසකට නිදහස appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post My Red Comrade – විචාරයක් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post My Red Comrade: A Review appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post G.C. Rodrigo: Friend, Colleague & Comrade: ‘When Alone Think Clearly; When With Others Speak Carefully’ appeared first on Colombo Telegraph.

- onlanka.com

Aura Lanka Chairman, Viranjith Thambugala, has been arrested by the police.The post Viranjith Thambugala arrested appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe has informed the Cabinet of Ministers that the Presidential Election will be held first during the relevant period this year (2024) in accordance with the Constitution.The post Presidential Election to be held first, Sri Lankan President informs cabinet appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The businessman accused of assaulting Dr. Alireza Delkhosh, the Iranian Ambassador to Sri Lanka, has been released on bail.The post Businessman charged with assaulting Iranian Ambassador granted bail appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc