පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර
තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිආර ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර මෙසේ මිය ගොස් ඇත්තේ කිරිවැව සෙවනගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙක්.
මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනවා.
The post පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර appeared first on ITN News.