රාජ්ය සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්ය ආයතන ඉදිරිපිට අද විරෝධතා
රාජ්‍ය ආයතන ඉදිරිපිට අද දහවල් කෑම පැයේ දී රජයට එරෙහි විරෝධතා සංවිධානකර තිබෙනවා.
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් දසදහසේ දීමනාව විසිදහස දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සදහන් කළේ රාජ්‍ය සේවා සංගම් රැසක් මෙම විරෝධතාවට සහාය දක්වන බවයි.
The post රාජ්ය සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්ය ආයතන ඉදිරිපිට අද විරෝධතා appeared first on ITN News.