සාගල කියන්නේ කවුදැයි ඇසු රොෂාන් රණසිංහ කවුද ?
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක සම්බන්ධයෙන් ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුව හමුවේ කළ විශේෂ ප්රකාශය සම්බන්ධයෙන් රටේ වැඩි අවධානයක් යොමු විය.එම ප්රකාශය කර පැය 3ක් ගතවීමටත් පෙර ක්රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්ය ධුරයන් ගෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.