උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවදුරටත් සහාය
උතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂිය ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් සහාය ලබාදීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා.
උතුරු නැගෙනහිර යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස වළදමා ඇති පුපුරන ද්‍රව්‍ය ඉවත්කිරීමට වසර 21ක් තිස්සේ ජපානය සහාය ලබාදෙමින් සිටිනවා.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති දෙකකට ආධාර ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුකෙරුණා.
ඒ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදයකි මහතාගේ මුලිකත්වයෙනුයි.
මැග් ආයතනයේ මෙරට අධ්‍යක්ෂ ක්‍රිස්ටි මැක්ලෙනන් මෙනවිය සහ හලෝ බාරයේ වැඩසටහන් කළමනාකරු ස්ටීවන් හෝල් යන මහත්වරුන් සමගයි මෙම ගිවිසුමට අත්සන් තැබුණේ.
මෙම ආයතන දෙක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා සහාය ලබාදෙනවා. ඇමෙරිකා ඩොලර් හත්ලක්ෂ විසිනවදහස් නවසිය විසිපහක මුදලක් ඒ සදහා වැය කරනවා.
2002 වසරේ සිට මේ දක්වා බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස ජපානය ලබාදී ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 44 ඉක්මවනවා.
මෙහිදි අදහස් දැක්වු ක්‍රිස්ටි මැක්ලෙනන් මෙනවිය කියා සිටියේ ජපන් ආධාර යටතේ පමණක් තම ආයතනය වර්ග මීටර් තිස්තුන්ලක්ෂයට අධික ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කර ඇති බවයි.
හලෝ බාරයේ ස්ටීවන් හෝල් මහතා අදහස් දක්වමින් තම ආයතනය පුද්ගල නාශක බිම්බෝම්බ දෙලක්ෂ අසූ තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සහ විනාශ කිරීමට දායක වු බව පැවසුවා.
The post උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවදුරටත් සහාය appeared first on ITN News.