අවුකන බුදු පිළිමයට සිවුරක් පෙරවීමේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිල්ලක්
අවුකන පිළිමයට සිවුර පෙරවු සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා.
සිවුර පෙරවු අවස්ථාවේ වැස්ස පැවතියේ නම් සිවුරේ තිබු රසායනික ද්‍රව්‍ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩ තිබු බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ ඒ ඩී ආර් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසනවා.
මෙරට කලා නිර්මාණ අතර අවුකන බුදු පිළිමයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. ශෛලමය පිළිම අතර මුදුන් මල් කඩක් වැනි අනුරාධපුරයේ අවුකන පිළිමයට කිසියම් පිරිසක් සිවුරු අන්දන ඡායා රූප සමාජ මාධ්‍ය වල සංසරණය වුණා. ඒ සමග මෙම සිද්ධියට පොදු සමාජයෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.
පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම සිද්ධියට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසනවා.
එවැනි පියවර නොගතහොත් ඉන් වැරදි ආදර්ශයක් සමාජයට යන බවයි ඇය ප්‍රකාශ කළේ.
පුරාවස්තුවක යම් දෙයක් සිදුකරන්නේ නම් ඒ සදහා අවසර ගත යුතු බව ද ඇය සදහන් කළා.
The post අවුකන බුදු පිළිමයට සිවුරක් පෙරවීමේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිල්ලක් appeared first on ITN News.