ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් නව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දුගෙන් අධිකරණයට ප්රතිඥාවක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය.