වැටුණු තැනින් ඉදිරියට පැමිණ තිබුණද රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ – ඉවසීමෙන් තවදුරටත් ඉදිරියට යා...

- itnnews.lk

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පවසනවා.

දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බව යි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමින්.

සණස නිර්මාතෘ ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් මත ” වැය අඩු කරමු – අය වැඩි කරමු ” යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාල තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීම ද මෙහි දී සිදු කෙරුණා.

ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය මහතා විසින් එම තුන් අවුරුදු සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා

එසේම දිස්ත්‍රික්ක 25 ක් ආවරණය කරමින් සණස නායකයින් 5,000ක් වෙත සැලසුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර මෙම සැලසුම තුළින් ගම්මාන 5,000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමටත් ඒ හරහා දිවයින පුරා සෘජු හෝ වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ පවුල් 300,000 වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙනවා..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බවයි.

ජන ජීවිතය නගා සිටුවිමන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

සණස ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ අප කිරිවන්දෙණිය මහත්මයාට ස්තූතිවන්ත විය යුතුයි. එතුමා එය ආරම්භ කර ඉදිරියට ගෙන ගියා. අද එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපාරය තවත් දියුණු කළ යුතුයි.

විශේෂයෙන්ම මෙරට ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාර එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.
මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නැවත ණය පාලනය කළ හැකි ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ප්‍රකාශ කරන තුරු අප බලා සිටිනවා. අප එම සහතිකය ලැබු පමණින් සියලු ගැටළු විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමට සහන පොළියක් ඉල්ලා සිටීමටයි. ඉන් පසුව එම ණය ගෙවිය යුතුයි. විශේෂයෙන් අපට අලුතින් ණය ගැනීමටත් සිදු වෙනවා.

මෙම කටුයුතු කරගෙන යාමට අප රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ආර්ථිකය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතුයි. මෙම වැඩකටයුතු සඳහා සණස ව්‍යාපාරය සම්බන්ධවීම විශාල රැකුලක් ලෙස සලකනවා.
අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට සෑම විටම ක්‍රියා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය, මූලික කරගෙනයි.

රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළින් සීග්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කිරීම සණස ව්‍යාපාරයේ වගේම රජයේ ද අරමුණ වෙනවා. මොකද අපට මෙම ණය උගුලෙන් බේරීමට නම් අප සීග්‍ර සංවර්ධනයකට යා යුතුයි.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමටයි. විශේෂයෙන්ම මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසු බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග අහිමි වුණා. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා. එදා සියළු දෙනා අසීරුවෙන් ජීවත් වුණේ.

දැන් අප යළිත් ආර්ථික දියුණුව ලබමින් සිටිනවා. කෘෂිකාර්මික කටුයුත ආරම්භ කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. සංචාරක ව්‍යාපාරය තුළින් වැඩි රැකියා අවස්ථාවන් ලබා ගත හැකියි. එම නිසා අප සියළුදෙනා එකතු වෙලා මෙම ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි.

ඒ වගේම රටේ සෑම පුරවැසියෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. අපි සියළු දෙනා එකට එක්ව ඉතා ඉවසීමෙන් එම ගමන යා යුතුයි. අපි වැටුණ තැනින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවම ගමන අවසන් කර නැහැ. ලබන ජනවාරි මාසයේ සිට ඉදිරි වසර කිහිපය පිළිබඳ අවධානය යොමු කරමින් අප ක්‍රියාත්මක විය යුතුයි.

අපේ රට එදා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක් ලෙස පැවතුණා. නමුත් අප නැවත අඩු ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා. දැන් අපේ උත්සාහය නැවත පහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්වීම. ඊළඟ අදියරේදී ඉහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්විය යුතුයි. ඉන් අනතුරුව ඉහළ ආදායම් ඇති රටක් බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා තමයි 2048 වන තෙක් සැලසුම් සකස් කර තිබෙන්නේ.

ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අවස්ථා සීමා සහිතයි. ඒ නිසා බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙනවා. වෘත්තීය අධ්‍යාපනය සදහා විශාල ඉල්ලුමක් තිබුණට ඒ සියල්ල ලබාදීමට අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවගේම වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසරේදී ආරම්භ කරනවා.
එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපි ආරම්භ කරනවා. ඊට දායකවීමට සණස වැනි ආයතනවලට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. එම නිසා මෙම කටයුතු සමග එක්ව වැඩකරමු කියලා මම සියළු දෙනාට ආරාධනා කරනවා.

සණස නිර්මාතෘ ආචාර්ය පී .ඒ. කිරිවන්දෙණිය මහතා
නව තාක්ෂණය සමඟ එක්වෙමින් රටේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු වී තිබෙනවා. කොවිඩ් වසංගතය ඇතුළු අර්බුද හමුවේ පසුගිය වසර කිහිපය තුළ මන්දගාමී වූ කටයුතු මේ වසරේ නැවත ආරම්භ කරනවා. ඒ සඳහා තුන් අවුරුදු සැලැස්ම අද ඉදිරිපත් කරනවා.

වසර තුනෙන් තුනට වසර දහයක් තුළ සැලසුම් ඉදිරිපත් කරමින් ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය තරුණ ප්‍රජාව රටේ සංවර්ධනයට හවුල් කර ගැනීම මෙහි මූලික අරමුණයි. පන්ති, සම්මන්ත්‍රණ තුළින් තමන්ගේ ආදායමට සරිලන ජීවන ක්‍රමයක් ඇති කර ගැනීමට තරුණ පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් අප ග්‍රාමීය මට්ටමින් දියත් කර තිබෙනවා. “වැය අඩු කරමු- අය වැඩි කරමු” තේමාව යටතේ ජයග්‍රාහි අනාගතයක් ඔවුන්ට හිමි කර දීම අපගේ අරමුණයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක චමල් රාජපක්ෂ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පැමිණි සණස සමිති නායකයන් සහ සාමාජිකයන් මීට එක්ව සිටියා

 

 

The post වැටුණු තැනින් ඉදිරියට පැමිණ තිබුණද රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ – ඉවසීමෙන් තවදුරටත් ඉදිරියට යා යුතුයි – ජනපති appeared first on ITN News.

You may also like

- colombogazette.com

Rocky Flintoff, the son of former England allrounder Andrew Flintoff, has been called up to England men’s Under-19 squad for their three-match youth ODI series against Sri Lanka later this month. Despite being just 16, Flintoff has impressed for Lancashire 2nd XI this season. He made his debut two days after his 16th birthday and scored a maiden […]

- colombogazette.com

The Ceylon Workers Congress (CWC) has declared war on plantation companies that failed to pay the Rs. 1700 daily wage. CWC President Senthil Thondaman said that some plantation companies had paid only Rs. 1000 as the daily wage despite a gazette notice being published last month stating that a daily wage of Rs. 1700 be […]

- colombogazette.com

The wreck of a plane carrying Malawi’s vice-president has been found with no survivors, President Lazarus Chakwera has said. Saulos Chilima and nine others were flying within the country on Monday morning when their aircraft disappeared from airport radars. The plane, a military aircraft, was flying in bad weather. Soldiers had been searching Chikangawa Forest […]

- colombogazette.com

National People’s Power (NPP) Leader Anura Kumara Dissanayake held talks with the Illangai Thamil Arasu Katchi (ITAK) in Jaffna. Dissanayake had talks with ITAK MPs and members, including M.A Sumanthiran and Mavai Senathirajah. The NPP said the talks focused on the current political developments and economy. Dissanayake also had talks with religious leaders in Jaffna. […]

- colombogazette.com

The Committee on Public Finance is to direct the Minister of Finance to regulate online casinos in Sri Lanka. It was disclosed that even though it is clearly stated by law that online casinos cannot be carried out, online casinos operate in the open depriving the country of the revenue due without no implications, the […]

- colombogazette.com

MAS Holdings, a global apparel manufacturing and tech conglomerate headquartered in Sri Lanka, has joined forces with Los Angeles-based materials science company Ambercycle to scale up textile-to-textile regeneration in the apparel industry. The partnership, which centers around a three-year offtake agreement, reflects demand among large brands and manufacturers for new streams of high-quality nex...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc