මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අ...

- itnnews.lk

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා සිදුවන සුළු අතපසුවීමක් මහා විනාශයකට හේතුවිය හැකි බවයි අවධාරණය කළේ

පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

පරිසරය සහ සංවර්ධනය තුලනය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වනවා. සීමා සහිතව පවතින අපගේ පරිසර පද්ධතිය තුළ දැවැන්ත සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මැණික් සහ ඛණිජ ද්‍රව්‍යය ආදිය ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට සිදුවන්නා වූ පාරිසරික සහ සාමාජීය ගැටළු සඳහා මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබදව ද නිවැරදි අධ්‍යයනයක යෙදිය යුතුයි. ඊට අදාළ අපගේ පරිසර වැඩපිළිවෙල විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිදු කළ යුතුයි. එසේ නොමැතිව සිදුවන සුළු අඩුපාඩුවකින් සියල්ල නැති විය හැකියි. එය මිලියන විසි දෙකක ජනාතාවට පමණක් නොව නූපන් දරු පරපුරට ද බලපාන බව අප මතකයේ තබාගත යුතුයි.

ස්වාභාවික පරිපර පද්ධති ආරක්ෂා කරගැනීම මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මේ වන විට ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. ලෝක නායකයන් රැසක් පෙර නොවූ විරූ ලෙස ඒ පිළිබඳව උනන්දු වෙනවා. එහි තවත් සුවිශේෂි කටයුත්තක් ලෙස 2023 දෙසැම්බර් 04 වනදා ඩුබායි එක්ස්පෝ සිටිහිදී, පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (Cop-28) හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ලෝක නායකයින් 136 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.

පෘතුවියේ පවතින දේශගුණික විපර්යාසයන් පිළිබඳව මුළු ලෝකය අවධානය යොමු කර ඇති බව මෙයින් තහවුරු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයක් ද මේ සඳහා සහභාගී වනවා. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) ඇතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමයි. එසේම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයක්ම කෙරෙහි ලෝක නායකයන්ගේ අවධානය යොමු කරවීමට ද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතියි.

එමෙන්ම නිසි ප්‍රමිතියට නොමැති ඖෂධ සම්බන්ධයෙන් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වුණා. එහිදී ලැබුණු පළමු පැමිණිල්ල අවස්ථාවේම ක්‍රියාත්මක වී අදාළ ඖෂධ සඳහා අනුමැතිය ලබාගත් ආකාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සොයා බැලුවා. එහිදී අනාවරණය වූයේ ව්‍යාජ සටහන් ඉදිරිපත්කර එම කටයුතු සිදුකර ඇති බවයි. එය වාර්තා වූ සැණින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. මා විසින් සිදුකළ පළමුවෙනි පැමිණිල්ලෙන් පසුව විවිධ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කළා. ඒ නිසා විවිධ පාර්ශව එල්ල කරන විවිධ චෝදනා මම ප්‍රතිකේෂ්ප කරනවා. වැරදිකරුවන් කව්ද යන්න අධිකරණය විසින් තීන්දු කරයි.

The post මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි – කෙහෙලිය රඹුක්වැල්ල appeared first on ITN News.

You may also like

- island.lk

‘A violation of unanimous parliamentary resolution’ By Saman Indrajith The SJB yesterday said that the government had published a gazette allowing the incumbent Sri Lanka Cricket President and Secretary to remain in their positions, purportedly in exchange for providing funds for government members to contest future elections. Addressing the media at the Opposition Leader’s Office […]

- island.lk

Soon after taking oaths as premier for a historic third term, Narendra Modi assured participating leaders from India’s neighbourhood and Indian Ocean region India would remain committed to its ‘Neighbourhood First’ policy and ‘SAGAR Vision’. Prime Minister emphasised that in his third term, India would continue to work for the peace, progress and prosperity of […]

- island.lk

The Heart to Heart Trust Fund, in collaboration with Swire Shipping Pte. Ltd., has donated emergency equipment valued at over one million rupees to the Operating Theater at the National Hospital of Sri Lanka (NHSL). On behalf of the Trust Fund, its Trustees Dr. Rajitha De Silva, Dr. Mahendra Munasinghe, Dr. Kumudini Ranatunga, and Executive […]

- island.lk

The National Freedom Front (NFF) has issued the following statement to coincide with the 34th Russian National Day: ” On 12th June 1990, the First Congress of the People’s Deputies of the Russian Soviet Federative Socialist Republic (RSFSR, part of the Soviet Union) which was established after the dissolution of the United Soviet Socialist Republic, […]

- island.lk

A fundamental rights petition filed against pastor Jerome Fernando will be taken up for consideration before a three-judge bench chaired by the Chief Justice, on 22 July. Several religious leaders have filed the petition seeking an order to prosecute pastor Jerome Fernando under the United Nations International Covenant on Civil and Political Rights (ICCPR) over […]

- island.lk

Political sources say Janaka Bandara Tennakoon, MP, and his son, Pramitha Bandara Tennakoon, State Minister for Defence, were not invited to an SLPP meeting held at Rattota over the weekend. The meeting, chaired by SLPP National Organizer Namal Rajapaksa, was addressed by party General Secretary Sagara Kariyawasam, parliamentarians Johnston Fernando, Tissa Kuttiarachchi and several others. […...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc