දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට යන රට
දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට නවසීලන්ත රජය සූදානම් වනවා.
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න්ගේ පාලන කාලයේ දී දුම්වැටි වලට පැනවු සීමා යටතේ 2008 වසරෙන් පසු උපත ලැබු කිසිවෙකුට දුම්වැටි අලෙවිය ලබන වසරේ සිට තහනම් වනවා.
කෙසේ වුව ද නව රජය යටතේ එම සීමා ඉවත් කිරීමට සුදානම් වන අතර සෞඛ්‍ය අංශයගෙන් ඊට එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.
සීමා හේතුවෙන් බදු ආදායම් දැඩි ලෙස කප්පාදු වී ඇති බවයි නවසීලන්ත රජය නිවේදනය කරන්නේ.
නවසීලන්තයේ සිදුවන වැළැක්විය හැකි මරණයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් දුම්වැටි භාවිතයෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ හරහා වසරකට ජිවිත 50000ක් පමණ රැකගත හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.
දුම්වැටි භාවිතයට පැනවු සීමා හරහා තරුණ ප්‍රජාව දුම්වැටි භාවිතයට ඇබ්බැහි වීම සීමා කළ හැකි බවයි සෞඛය අංශ පෙන්වා දෙන්නේ.
The post දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට යන රට appeared first on ITN News.