වැඩබලන පොලිස්පති ගංගාරාමයට ගොස් ආශිර්වාද ලබා ගනියි
වැඩබලන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) දහවල් ගංගාරාම විහාරස්ථානය ට පැමිණ ආශිර්වාද ලබාගත්තා
විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ආශිර්වාද කරමින් අනුශාසනා සිදු කළා
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශබන්ධු මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්.,මත්ද්‍රව්‍ය නිවාරණයට සහ,සංවිධානාත්මක අපරාධ වැලැක්වීමට,ප්‍රමුඛතාවය දී ක්‍රියා කරන බවයි.
The post වැඩබලන පොලිස්පති ගංගාරාමයට ගොස් ආශිර්වාද ලබා ගනියි appeared first on ITN News.