COP 28 සමුළුවට ජනපතිගෙන් විශේෂ යෝජනා 3ක්
අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේදී පැවැත්වෙන බවයි ඒ මහතා පැවසුවේ.
ෙදේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇති බව ද අලි සබ්‍රි මහතා සඳහන් කළා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අදපැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමැතිවරු තිදෙනෙක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු දෙදෙනක් සහභාගී වන බවයි. එසේම රජයේ වියදමින් තොරව තරුණ නියෝජිතයන් විසි දෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා මාධ්‍ය කණ්ඩායමක් ඊට එක්වන බවද අමාත්‍යවරයා පවසනවා.
The post COP 28 සමුළුවට ජනපතිගෙන් විශේෂ යෝජනා 3ක් appeared first on ITN News.