අතරමග නතරවූ අලි වැටක්
බලන්ගොඩ සහ කල්තොට ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවලට අයත් වටවල සහ මුල්ගම ප්‍රදේශවල පවතින උග්‍ර අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස ඉදි කෙරෙමින් ඇති අලි වැට කඩාකප්පල් කිරිම සඳහා පරිසර වෙිිදින් යැයි කියන සංවිධාන කටයුතු කරමින් ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
හිමිනමක් ඇතුළු මිනිස් ජිවිත රැසක්ම වන අලි විසින් බිලිගත් බවත් එම හේතුවෙන් සිදු වෙන අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස මෙම අලි වැට ඉදිකිරිමට 2021 වසරේ යෝජනා වුන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
කිලෝමීටර් 66 ක් ආවරණ වෙන පරිදි මෙම අලි වැට ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර එහි මෙි වන විට කිලෝමීටර් දෙක හමාරක කොටසක් අවසන් කර ඇති බවද එම ජනතාව පවසනවා.
නිසි අවසරයක් නොමැතිව මෙය ඉදිකිරීම ආරම්භ කර ඇති බවට පරිසර සංවිධාන කරන චෝදනා අසත්‍ය බවත් මෙම අලිවැට ඉදිකිමෙිි කටයුතු නතර නොකර ඉතිරි කොටස ඉදිකර දෙන මෙන් ජනතාව අදාළ බළධාරින්ගෙන් ඉල්ලා සිටිති.
The post අතරමග නතරවූ අලි වැටක් appeared first on ITN News.