අර්ථික ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්
මේ රටේ ආර්ථිකය කඩා වැටිමට වගකිය යුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තින්දුවට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දැඩි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහනක් අද දින ජාතික සමගි ජන බලවේගය විසින් නාවලපිටිය නගරයෙන් ආරම්භ කෙරුණා.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසිනුයි මෙම අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණේ.
නාවලපිටිය නගර මධ්‍යයෙන් අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහන ආරම්භ කර නාවලපිටිය බස් නැවතුම්පොල වෙත ගොස් බස් රථවලින් ගමන් ගන්නා මගීන් දැනුවත් කර අත්සන් ලබා ගැනීම සිදු කර තිබෙනවා.
අත්සන් ලබාගැනීමේ වැඩසටහන සංවිධානය කල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ මේ රටේ සෞඛ්‍ය , නිදහස් අධ්‍යාපනය කඩා වැටිටීමට සහ සමස්ත රටේ ආර්ථිකය කඩා වැටීමට මේ රටේ හිටපු පාලකයින් සහ රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු වගකිය යුතු බවත්, එම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කල යුතු බවට කථානායකවරයා වෙත භාරදීම සඳහා මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහන දියත් කළ බවයි.
The post අර්ථික ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් appeared first on ITN News.