ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුවන්වැල්ල ප්‍රදේශයේදීයි.
විශේෂ කාර්ය බලකායි වැටලීම සිදුකළේ.
විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම් කොපුවක්, රුසියාවේ සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම්තුවක්කු දෙකක් ආදිය ඒ අතර වන බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
ස්වයංක්‍රීය පිස්තෝලයක් රුපියල් 75000කට අලෙවි කිරීමට සුදානම් වී සිටි බවයි හෙළිව තිබෙන්නේ.
The post ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.