සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත CIDයට
සැක කටයුතු ලෙස ඖෂධ මිලදී ගැනීමක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවා තිබුණා.
පැය තුනකට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.
එම අවස්ථාවේ වෙනත් පැමිණිල්ලක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු චන්ද්‍රගුප්ත මහතාට විරෝධය පළ කළා.
ඒ සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
The post සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත CIDයට appeared first on ITN News.