වවුචර්පත්වලට පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් 15ට පෙර පොහොර ලබා ගන්න – කෘෂිකර්ම අමාත්යාංශය
පසුගිය යල කන්නයේ දි රජය විසින් යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කරනු ලැබුවා.
නමුත් ගොවීන් යම් පිරිසක් වවුචර් ලබා ගත්තද ඒවාට අදාල යුරියා පොහොර මිල දී ගෙන නොමැතී බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ශල් පොහොර සමාගම විසින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යුරියා පොහොර නිකුත් කරනු ලැබුවා.
වවුචර්පත්වලට යුරියා පොහොර ලබා නොගත් ගොවීන්ට එම වවුචර්පත් මෙවර මහ කන්නය සඳහාත් භාවිතා කීරීමට අවසර දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.
ඒ අනුව එම වවුචර්පත්වලට අදාල යුරියා පොහොර ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් ලබා ගත හැකි අතර දෙසැම්බර් මස 15ට පෙර පොහොර ලබා ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
The post වවුචර්පත්වලට පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් 15ට පෙර පොහොර ලබා ගන්න – කෘෂිකර්ම අමාත්යාංශය appeared first on ITN News.