කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට
පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ දී උපත ලැබූ ඇමරිකා බිළිඳුන් ඊට වසරකට පෙර උපන් බිළිඳුන් හා සසඳන විට දළ වශයෙන් වසරක ආයු අපේක්ෂාවක් ලබා ගෙන ඇති බව ෆෙඩරල් දත්ත වාර්තා පෙන්වා දෙනවා.
2022 වසරේදී අලුත උපන් බිළිඳුන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව වසර 77.5 ක් වූ අතර එය 2021 වසරේදී දී 76.4 ක්.
නමුත් 2019 වසරේදී උපත ලැබූ අය සඳහා එය 78.8ක් වුණා.
එමෙන්ම ජාතිය සහ ලිංගිකත්වය අනුව සියලුම කණ්ඩායම් වල ආයු අපේක්ෂාවේ වැඩි වීමක් ද පෙන්නුම් කර තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවීම, හෘද රෝග, දියවැඩියාව, සහ පිළිකා මෙන්ම මිනීමැරුම් නිසා මරණ අඩුවීම ද මීට බලපෑ තිබෙනවා.
The post කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට appeared first on ITN News.