මාර්ග අනතුරුවලට ලක්වූවන් සඳහා මුල්ය සහන ලබාදීමේ වැඩසටහනක්
මාර්ග අනතුරුවලට ලක්වූවන් සඳහා මුල්ය සහන ලබාදීමේ වැඩසටහනක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.
මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහිපත් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමිව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි මෙය සංවිධාන කළේ.
කොළඹ සීනෝර් ආයතනයේ දීයි උත්සවය පැවැත්වුණේ.
තෝරාගත් 25 දෙනෙකු වෙත රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් මූල්‍ය පරිත්‍යාග කිරීම මෙහිදි සිදුකෙරුණා.
ආරාධිත දේශනය සිදුකළේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ අයි ජාගොඩ මහතායි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ලලිත් ජයතිලක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රජයේ ආයතන සදහා කුලී පදනම මත වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බලන බවයි.
The post මාර්ග අනතුරුවලට ලක්වූවන් සඳහා මුල්ය සහන ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.