මෙරට සිට බෝට්ටුවෙන් ගෙන ගිය රත්රං කිලෝ 8ක් ඉන්දියාවේ දී හසුවෙයි
මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්‍රෑම් අටක් බරැති රත්‍රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී රත්‍රං තොගය සොයා ගෙන ඇති අතර වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බෝට්ටුව නවත්වන ලෙසට නියෝග කළ ද සැකකරුවන් අණ නොතකා පළාගොස් ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අනතුරුව වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩිතැබීම් හමුවේ සැකකරුවන් බෝට්ටුව අතහැර පළගොස් තිබෙනවා
අත්අඩංගුවට ගත් රත්‍රං තොගය අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් දකුණු ඉන්දීය රේගු කාර්යාලය වෙත යොමු කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
The post මෙරට සිට බෝට්ටුවෙන් ගෙන ගිය රත්රං කිලෝ 8ක් ඉන්දියාවේ දී හසුවෙයි appeared first on ITN News.