විද්යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්රේලියාවෙන් ශිෂ්යත්ව
තාක්ෂණ , විද්‍යාව , ඉංජිනේරු ආදී අංශවල විද්‍යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශිෂ්‍යත්ව ලැබී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව වැඩසටහනක් පිළිබඳ වැඩමුළුවක් අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ඉන්සටටියුට් ඔෆ් ටෙක්නොලොජි ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනවා.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post විද්යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්රේලියාවෙන් ශිෂ්යත්ව appeared first on ITN News.