වන සතුන් දඩයම් කළ පුද්ගලයෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට
වන සතුන් විශාල වශයෙන් දඩයම් කළ පුද්ගලයෙකු ගිනි අවි සමඟම අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
මහකුඹුක්කඩවල කුරුප්පු මඩුව ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා.
විදෙස් රටක නිශ්පාදනය කළ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් රැසක්ද සැකකරු ළඟ තිබී සොයා ගැනුණා.
මුව මස් හා සතුන්ගේ කොටස් ඔහු ළඟ තිබී සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තබ්බෝව අඩවි වන නිලධාරී කාර්යාලයට භාර දී තිබෙනවා.
The post වන සතුන් දඩයම් කළ පුද්ගලයෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට appeared first on ITN News.