ඩයනා, සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාරගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී ඔවුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මේ බව සඳහන් කර තිබෙනවා.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අදාළ තීරණය අද (01) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
The post ඩයනා, සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවයි appeared first on ITN News.