එළවළු මිල ශීඝ්රයෙන් ඉහළට
මේ දිනවල වෙළඳපොළේ එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. උඩරට එළවළු ගොවීන් පවසන්නේ එසේ මිල ඉහළ ගිය ද තමන්ට එළවළු සඳහා ඉහළ මිලක් නොලැබෙන බවයි.
උඩරට මෙන්ම පහතරට එළවළු වල මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇති අතර වෙළදුන් පවසන්නේ වර්ෂාව හේතුවෙන් එළවළු වගාවට හානි සිදුවීම මත මෙසේ මිල ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වුවද උඩරට එළවළු ගොවීන් පෙන්වා දෙන්නේ මෙය අතරමැදියන්ගේ ක්‍රියාදාමයක් බවයි.
වැලිමඩ, ඌවපරණගම, කැප්පටිපොළ, බොරලන්ද ආදිය ප්‍රදේශවල ගොවීන් තම අස්වනු අලෙවි කර ගැනීමට කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙනවා.
එළවළු මිල ගණන් ඉහළ මට්ටමක පවතින බව සදහන් කළ ද තම අවස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බවයි.
The post එළවළු මිල ශීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.