තණමල්විල ගංජා හේන් දෙකක් වටලයි
තණමල්විල නාලිය රක්ෂිතය තුළ සූක්ෂම ලෙස වගා කර තිබූ ගංජා හේන් දෙකක් විශේෂ කාර්ය බලකාය මගින් වටලනු ලැබුවා.
පර්චස් 10ක සහ පර්චස් 12ක භූමි ප්‍රදේශවලයි මෙම ගංජා වගාකර තිබුණේ. පර්චස් දහයෙහි අඩි දෙකයි අංගල් පහක් උස ගංජා පැල වගාකර තිබුණා.
පර්චස් දොළහෙහි අඩි අටක් උස ගංජා පැල දෙදහස් එකසියයක් වගාකර තිබූ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. වටලන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් තිබුණා. ගංජා පැල ගිනි තබා විනාශ කෙරුණා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ නවීන ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් මෙවැනි වැටලීම් සිදුකරන බවයි.
එලෙස අත්අඩංගුවට ගත් ගංජා විශාල ප්‍රමාණයක් ඖෂධ නිෂ්පාදන සදහා අවස්ථා ගණනාවක දී ආයුර්වේද සංස්ථාවට ලබාදුන් බවද ඔවුන් පවසනවා.
The post තණමල්විල ගංජා හේන් දෙකක් වටලයි appeared first on ITN News.