මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් සොරා ගත් තවත් ගිණිඅවි දෙකක් හමු වෙයි
මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් සොරා ගත් තවත් ගිණිඅවි දෙකක් සොයා ගෙන තිබෙනවා.
මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබු ටී 56 ගිණිඅවියක් සහ විදේශ රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් ඇතුලු ගිණිඅවි තුනක් සොරකම් කොට විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කරන නිලධාරීන් තුන් දෙනෙකු ඇතුලු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අගෝස්තු මස 16 වන දින දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම ටී 56 අවිය භාවිත කර තිබු බවයි පොලිසිය පවසන්නේ. ඉතිරි අවි අලෙවි කර තිබු බව ද පොලිසිය සදහන් කරනවා. සැකකරුවන් රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
The post මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් සොරා ගත් තවත් ගිණිඅවි දෙකක් හමු වෙයි appeared first on ITN News.