වසර 15 කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්ර වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්ර
රජයේ රෝහල්වල භාවිතය සඳහා වසර 15 කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්ර වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර තුනක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.
මෙරට රෝහල්වල සීටී ස්කැන් යන්ත්‍ර 42 ක් පවතිනවා.
ඒ අතුරින් 40 ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.
පැරණි සීටී ස්කෑන් යන්ත්ර වෙනුවට නවීන යන්ත්‍ර තුනක් ලබාදීමට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පියවර ගත්තා.
එම යන්ත්‍ර මාතර මහරෝහලට මෙන්ම කොළඹ ජාතික රෝහලට හා කරාපිටිය ශික්ෂණ රෝහලට ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.
සාමාන්‍යයෙන් එක් යන්ත්‍රයකින් මාසයකදී රෝගීන් 2000කගේ පමණ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.
කොළඹ ජාතික රෝහලේ එම පරික්ෂණ සංඛ්‍යාව 3000 ත් 4000 ත් අතර ඉහළ යනවා.
තවත් යන්ත්‍ර කිහිපයක් අලුත්වැඩියා කිරීමේ කටයුතු ද ක්‍රියාත්මකයි.
The post වසර 15 කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්ර වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්ර appeared first on ITN News.