සූර්ය බලශක්ති ව්යාපෘතියකට කැබිනට් අනුමැතිය
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපෘතිය සමඟ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීම සඳහා බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමක් සඳහා එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එය මොගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් බව සඳහන්.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1727ක සෘජු විදේශ ආයෝජනයක් බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
The post සූර්ය බලශක්ති ව්යාපෘතියකට කැබිනට් අනුමැතිය appeared first on ITN News.