මාලි රාජ්යයේ සාම සාධක ක්රියාන්විතය ගැන ජගත් සංවිධානය ගත් තීරණය
මාලි රාජ්යයේ සාම සාධක ක්‍රියාන්විතයන් අවසන් කිරීමට ජගත් සංවිධානය පියවර ගෙන තිබෙනවා.
වසර 10කට පමණ පසුයි ජගත් සංවිධානය නිල වශයෙන් මාලි රාජ්‍යයේ ක්‍රියාත්මක සාම සාධක ක්‍රියාන්විතයන් අවසන් කර ඇත්තේ.
2020 වසරේ දී එරට බලය අත්පත් කරගත් හමුදා පාලනය පසුගිය ජුනි මාසයේ දී තම රාජ්‍යයෙන් ඉවත්ව යන ලෙස ජගත් සාම සාධක හමුදාවන්ට දැනුම් දුන්නා.
ඒ අනුවයි මෙම ඉවත් කර ගැනීම සිදුකෙරෙන්නේ. 15000ක පමණ හමුදා හා පොලිස් සාම සාධක භටයින් පිරිසක් එරට සේවයේ නිරත වු අතර ගැටුම් අතරතුරදි 180 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
කෙසේ වුවද සාම සාධක හමුදා ඉවත්වීමෙන් පසු මාලි හමුදා හා කැරළි කණ්ඩායම් අතර ගැටුම් උග්‍ර අතට හැරෙනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අගවනවා.
The post මාලි රාජ්යයේ සාම සාධක ක්රියාන්විතය ගැන ජගත් සංවිධානය ගත් තීරණය appeared first on ITN News.