ඩුබායි ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට
මෙරට සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම් යටතේ ඩුබායි රටේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි ධනුෂ්ක යන අයගේ ගෝලයකු ආයුධ කිහිපයක් සහ හෙරොයින් සමඟින් පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන චන්දන නමැත්තා විසින් ඔහුගේ ගෝලයකු වන තාරුක ලක්ෂාන් නමැත්තා මගින් පුද්ගලික ආරවුලක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධව ඇති වු ගැටළුවක් සම්බන්ධයෙන් කොලොන්නාව විහාර මාවතේදි සම්පත් නැමැත්තෙකුට වෙඩි තැබූ අතර ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එම වෙඩි තැබීම ව්‍යාර්ථ විය.
වෙඩි තැබීමෙන් පැය 24ක් යන්නට ප්‍රථමයෙන් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ විසින් චන්දන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ම අංගොඩ ප්‍රදේශයේ නවාතැනක නැවතී සිටි වෙඩික්කරු තවත් අපරාධයකට සැරසී පිටව යෑමට සූදානම් වෙද්දී පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
The post ඩුබායි ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට appeared first on ITN News.