ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය අමාත්ය රමේෂ් පතිරණගේ නිරීක්ෂණයට
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයේ රාජකාරී සිදුවන ආකාරය මෙන්ම එම කාර්ය මණ්ඩල වලට පවතින රාජකාරී ගැටලු පිළිබද මෙහිදි අමාත්‍යවරයා විමසා බැලුවා.
පවතින භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්වල ගැටලු ආදිය පිළිබදව අවබෝධයක් ලබා ගැනීම අමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයේ වැඩබලන අධ්‍යක්ෂිකා ගෞරි කත්ත්‍රිආරච්චි යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය අමාත්ය රමේෂ් පතිරණගේ නිරීක්ෂණයට appeared first on ITN News.