How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකාවේ ජාතික ජල ශාස්ත්රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ

- itnnews.lk

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී ඊයේ (14) විවෘත කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ( Sri Lanka National Hydrographic Office) විවෘත කිරීම ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී කොමදෝරු කෝසල වර්ණකුලසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්ව‍යෙන් ඊයේ (14) වැලිසර නාවික සංකීර්ණයේ දී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය සේවය යටත් විජිත සමයේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වී ඇති අතර, නිදහසින් පසුව ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම කටයුතු මෙහෙයවා තිබෙනවා.

වර්ෂ 1962 දී රාජකීය ලංකා නාවික හමුදාව විසින් පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාව සඳහා ප්‍රථම ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සිදුකර ඇති අතර, එය රටේ ජල ශාස්ත්‍රීය මිනුම් ක්ෂේත්‍රයේ නාවික හමුදා මූලාරම්භය සනිටුහන් කරන්නට විය.

වර්ෂ 1970 වන විට, නාවික හමුදාව විසින් එතෙක් ශ්‍රී ලංකා මුහුදේ මිනුම් කටයුතු සිදු නොකල ප්‍රදේශ සිතියම්ගත කිරීම් සිදු කරමින්, වර්ෂ 1976 වන විට ඉන්දු-ලංකා සමුද්‍රසීමා මිනුම් කටයුතු ද සාර්ථකව අවසන් කිරීමට සමත් වී ඇති අතර, 1983 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ උත්ගතවු යුදමය වතාවරණය හමුවේ නාවික ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සීමා වී තිබේ.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සහ අන්තර්ජාතික ජල ශාස්ත්‍රීය සංවිධානයේ සාමාජික රටක් ලෙස, එම සංවිධානයන් වෙතින් නාවික ගමනාගමනය පිලිබඳව සම්මත කරනු ලබන ප්‍රඥප්තීන් නිත්‍යානූකූලව සම්මත කොට බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනවා.

ඒ අනුව, මුහුදේ ජිවිත ආරක්ෂාව පිලිබඳ ප්‍රඥප්තියේ V පරිච්ජේදයේ හතරවන සහ නවවන රෙගුලාසි මඟින් ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සහ ඊට අයත් සේවාවන් ආවරණය කර ඇති අතර, ඒ යටතේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව ද ඊට අයත් මුහුදු කලාපයේ ආරක්ෂිත නාවික ගමනාගමනයක් සඳහා පහසුකම් සැලසීමත්, ඒ සඳහා ප්‍රමාණවත් ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සිදුකොට නාවික සිතියම් නිෂ්පාදනය සහ බෙදාහැරීමත් සිදු කළ යුතුව ඇත.

මෙම නාවික සිතියම් නිෂ්පාදනය සහ බෙදාහැරීම පිලිබඳව මූලික නිර්ණායකයන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ අන්තර්ජාතික ජල ශාස්ත්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, සියලු සාමාජික රටවල් විසින් ඊට අනුගතව ස්වකීය ජල ශාස්ත්‍රීය සේවාවන් පවත්වාගෙන යා යුතුය.

එසේ වුව ද, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දශක හතරක පමණ කාලයක සිට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නොමැති බැවින්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර, සුදුසුකම්ලත් ජලශාස්ත්‍රීය මිනින්දෝරුවන්ගෙන් සමන්විත ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත 2022 දෙසැම්බර් මස 13 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් දන්වා තිබෙනවා.

ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවන් සහ ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු නිසි පරිදි නියාමනයකොට සිදු කිරීම, නාවික සිතියම් නිෂ්පාදනය සහ අලෙවිය වැනි සෘජු ආදායම් උත්පාදන ක්‍රීයාමාර්ග හරහා නාවික ක්ෂේත්‍රයෙන් මුදල් උත්පාදනයත්, ශ්‍රී ලංකාවට අයත් ජල තීරය සඳහා නව සිතියම් දර්ශකයක් අනුව විශ්වාසනීයත්වයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීම්වලට අදාල නාවික සිතියම් වෙළඳපොලට කඩිනමින් යොමුකිරීමත් මෙම කාර්යාලය ඔස්සේ සිදුවීමට නියමිතව තිබේ.

මෙමඟින් සෘජු ආර්ථික ප්‍රථීලාභයන් මෙන්ම වක්‍ර ප්‍රතිලාභයන් ද රටට ලැබෙනු ඇති අතර, මේ වන තෙක් වර්ෂයකට ශ්‍රී ලංකා ජලතීරය ඔස්සේ නෞකා 35,000 ක් පමණ ගමන් කළ ද එයින් කිසිදු ප්‍රතිලාභයක් නොලද ශ්‍රී ලංකාව වෙත එම නෞකා සඳහා අවශ්‍යවන නාවික සිතියම් අලෙවි කිරීමෙන් විශාල ආදායමක් උපදවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

දැනට ප්‍රකාශයට පත්කර ඇති සිතියම් ඉතා පැරණි දත්ත පදනම් කර ගනිමින් විදේශ රටවල් විසින් නිෂ්පාදනය කර වෙළඳපොලට නිකුත්කරන ලද සිතියම් බැවින්, එම පැරණි දත්ත වත්මන් නව දත්තයන්ට අනුව යාවත්කාලීන කිරීම, එම දත්ත ඇතුලත් සිතියම් නිෂ්පාදනය සහ ප්‍රකාශයට පත්කිරීම මෙම නව ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ මූලික වගකීමක් වේ.

ජාතික ආරක්ෂාවට සෘජුව බලපෑම් එල්ල කල හැකි අධි සංවේදී දත්ත නියාමනය, එම දත්තයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම ආදී වූ පුළුල් ක්ෂේත්‍රයක ඉදිරි කටයුතු නව ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය හරහා නව ප්‍රවේශයකට අනුව ඉදරියේ දී සිදු කෙරෙනු ඇත.

The post ශ්රී ලංකාවේ ජාතික ජල ශාස්ත්රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Economic Transformation Bill and the Public Financial Management Bill have been presented to the Parliament, a short while ago.

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc