හාලිඇළ නගරයේ සිදුවූ නාය යාමකින් වෙළෙඳසැල් 2ක් විනාශ වෙයි
හාලිඇළ නගරයේ දහවල් නාය යෑමක් සිදුව තිබෙනවා.
හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
පස් කන්ද වැටීමෙන් ඒ අසල තිබුණු වෙළෙඳසල් දෙකක් විනාශ වී ගොස් ඇති අතර, වෙළෙඳසලේ සිටි වෙළෙඳුන් දෙදෙනා බේරී තිබෙනවා.
අනතුරත් සමඟ නාය යාමේ අවදානමට ලක් වූ තවත් වෙළෙඳසල් පහක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
The post හාලිඇළ නගරයේ සිදුවූ නාය යාමකින් වෙළෙඳසැල් 2ක් විනාශ වෙයි appeared first on ITN News.