නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කළ පුද්ගලයින් 04ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) වන දින සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් අටසිය අටකට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත්තේ.
සැකකරුවන් සිව් දෙනා, වියළි මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.
The post නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කළ පුද්ගලයින් 04ක් අත්අඩංගුවට appeared first on ITN News.