ගිලන් රථයක් කණුවක ගැටී අනතුරක් – රැගෙන ගිය රෝගීන් දෙදෙනා ඇතුළු 5කට තුවාල
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පන මාර්ගය අසල තිබුණ කණුවක ගැටීමෙන් පස් දෙනෙකු තුවාල ලබා අද (18) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම ගිලන් රථයේ රියදුරු , කාර්ය්‍ය මණ්ඩලයේ දෙදෙනකු සහ රෝගීන් දෙදෙනකු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බදුල්ල පලාත් මහා රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රෝගිින් රැගෙන යමින් තිබියදී මෙම ගිලන් රථය බලන්ගොඩ ප්‍රදේශයේදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
The post ගිලන් රථයක් කණුවක ගැටී අනතුරක් – රැගෙන ගිය රෝගීන් දෙදෙනා ඇතුළු 5කට තුවාල appeared first on ITN News.