ඊජිප්තුවේ ජනපති පත්වෙයි
ඊජිප්තුවේ ජනාධිපති ධුරය සඳහා තෙවන වරටත් ජනාධිපති අබ්දෙල් පටාහ් අල් සිසි තේරීපත් වුණා.
ඊජිප්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති අබ්දෙල් පටාහ් අල් සිසි හිමිකර ගත් ඡන්ද ප්‍රතිශතය 89.6%ක්.
ජනාධිපතිවරණයේ දී ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට කිසිදු අපේක්ෂකයෙකු සමත්වුයේ නැහැ.
ඊජිප්තුව ද ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටි අතර ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරිමේ පාර්ශවකරුවෙකු ලෙස ද කටයුතු කරනවා.
ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර පවත්නා ගැටුම් හේතුවෙන් ඊජිප්තු ජනතාව අල් සිසි නැවත ජනාධිපති ධුරයට පත්කර ගෙන ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
The post ඊජිප්තුවේ ජනපති පත්වෙයි appeared first on ITN News.