චීනයේ භූකම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්යාව 130 පනී
චීනයේ ගැන්ෂු ප්‍රාන්තයට බලපෑ භූකම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 130 ඉක්මවා තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම දෙකක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයකින් චීනයේ ගැන්ෂු ප්‍රදේශයට ඊයේ බලපෑම් එල්ල වුණා.
භූකම්පනයෙන් 131ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සුන්බුන් තුළ සිරව සිටින පිරිස් සොයා සිදුකරන මෙහෙයුම් මේ වන විට අත්හිටුවා ඇති අතර තුවාල ලැබු හා නිවාස අහිමි වු පිරිස් වෙත සහන සැපයීමට මූලිකත්වය ලබාදී තිබෙනවා.
ගැන්ෂු ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 13ක් තරම් පහළ අගයක් ගැනීමත් සමඟ ආපදාවට පත්වු පිරිස් දැඩි පීඩාවට පත්ව සිටින බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ.
The post චීනයේ භූකම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්යාව 130 පනී appeared first on ITN News.