නව ඉන්දීය සහකාර ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල්මන්දීප් සිං නේගි ඊයේ (දෙසැ.20) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.
ජෙනරල් ගුණරත්න විසින් ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණා.
මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ලුතිනන් කර්නල් නේගිගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.
හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරු කර ගනු ලැබූ අතර, මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි වුණා.
The post නව ඉන්දීය සහකාර ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක් appeared first on ITN News.