යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට
පැය 24ක් තුළ යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු කිලෝ ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
මත්කුඩු සහ මත්ද්‍රව්‍ය දිවයිනෙන් තුරන් කිරීම සඳහා වන යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ අළුයම තුනේ සිට අද අළුයම තුන දක්වා පැය 24 තුළ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ මත්කුඩු විශාල ප්‍රමාණයක් සහ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
හෙරෝයින් කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 400ක් , අයිස් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 200ක් , ගංජා පැළ 73833ක් , හෂිෂ් ග්‍රෑම් 12ක් , මාවා කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 200ක් ඒ අතර වනවා.
මත්පෙති කරල් 17504ක්, මදනදෝමක කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 400ක් ,තූල් ග්‍රෑම් 844ක් සහ ඈෂ් ග්‍රෑම් 32ක් ද මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසනවා.
මෙම මෙහෙයුමේ දී සැකකරුවන් දෙදහස් අටදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
ඉන් සැකකරුවන් 185 දෙනෙකු රැඳවුම් නියෝග මත රදවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
සැකකරුවන් 33න් දෙනෙකු සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වත්කම් විිමර්ෂණ ද ආරම්භ කර තිබෙනවා.
ඉන් පුද්ගලයින් 209 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ විශේෂ කාර්යාංශ ලේඛන ගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැණුනා.
යුක්ති මෙහෙයුමට සමගාමිව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කුඩු අසංක ලඩියා සහ කුඩු ශ්‍රියාණි යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් සහ දේපළ රැසක් නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ෂණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සියභාරයට ගෙන තිබෙනවා.
බස් රථ තුනක් , මෝටර් රථ දෙකක් , යතුරු පැදි දෙකක් , තෙමහල් නිවසක් ඇතුලු වටිනා ඉඩම් 4ක් රත්‍රං පවුම් 50ක් සහ රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් ඒ අතර වනවා.
මෙසේ තහනම් කරන ලද දේපළ සහ මුදල් වල වටිනාකම රුපියල් ලක්ෂ 920කට ආසන්න බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර යුක්තිය මෙහෙයුමේ දී කැලණිය ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි තුන්දෙනෙකු මත්පෙති 16000ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීදුව ප්‍රදේශයේ ඖෂධ හල් පරීක්ෂාවට ලක්කිරිමේ දීයි මේ බව හෙළි වුණේ.
පාසල් දරුවන්ට එම ස්ථානයේ දීම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඉඩ සලසා ඇති බවයි පොලිසිය කළ ප්‍රශ්න කිරිමේ දී සැකකරුවන් පවසා ඇත්තේ.
එක් ඖෂධහලක හිමිකරුවෙකුට එරෙහිව අධිකරණයේ මෙවැනි නඩු දෙකක් විභාග වෙමින් පවතින බව ද හෙළි වුණා.
The post යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.