වලස්මුල්ල මූලික රෝහලට නාවික හමුදාවෙන් ප්රති ආශ්රැතිකරණ යන්ත්රයක්
නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, වලස්මුල්ල මූලික රෝහල වෙත පිරිනැමීම, 2023 දෙසැම්බර් මස 22 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍ර ස්ථාපිත කිරීම නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබයි.
ඒ අනුව, වලස්මුල්ල මූලික රෝහලෙහි වකුගඩු ප්‍රතිකාර ඒකකය සඳහා දැඩි අවශ්‍යතාවයක්ව පැවති මෙම වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රය නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ දින 45 ක් වැනි කෙටි කාලසීමවක් තුල ස්ථාපනය කර පිරිනැමීම, 2023 දෙසැම්බර් මස 22 වන දින සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරින්, නාවික හමුදා නිලධාරීන් සහ වලස්මුල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.
The post වලස්මුල්ල මූලික රෝහලට නාවික හමුදාවෙන් ප්රති ආශ්රැතිකරණ යන්ත්රයක් appeared first on ITN News.