යුක්තිය මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි
ගෙවුණු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම මගින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් සැකකරුවන් 23 දෙනෙකුගේ දේපල හා වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.
යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව මේ වන විට 13666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගැනුනු සකකරුවන් 1534 දෙනා අතරින් 99 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා අපරාධකල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම අද සිට දින 3 ක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
මේ දක්වා ක්‍රියාත්මක වූ මෙහෙයුම මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 82ක්.
අයිස් ක්‍රිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 679ක් හා ගංජා කිලෝග්‍රෑම් 272යි ග්‍රෑම් 667ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාවා, ඈශ්, හෂීස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ද සමඟ මත්පෙතිද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හා විශේෂ කාර්යාංශයේ ලේඛණගත සැකකරුවන් 4665 ක් අතරින් 1107 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.
The post යුක්තිය මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.