නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ ප්‍රදේශයේ ඊයේ(23) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක පමණ තොගයක් රැගත් ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය අසල නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේදි එහි සූක්ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් හැටතුනක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක පමණ තොගයක් සහ එම ලොරි රථය මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ එක් දහස් නවසිය පනස් පහක පමණ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
The post නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.