ලෝස්ටාර් චූටි ගේ සහෝදරයා කොටු වෙයි
වැලිගම පොලිස් වසමේ වැලිගම සාලාව අසල ත්‍රීරෝද රථගාල අසල දී සිදු කළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඔවුන් සතුව තිබී අයිස් ග්‍රෑම් 14, මිලි ග්‍රෑම් 680 ක් හමුවූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මෙම සැකකරුවන් පසුගිය 2023.12.15 වන දින වැලිගම පොලිස් බල ප්‍රදේශයේ ඩොමිනෝස් ආයතනය ඉදිරිපිට ඇති මාළු ලෑල්ල අසල දී මාළු චමින්ද යන අයට වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට එම වෙඩි තැබීම සඳ හා ආධාර අනුබල ලබාදීම හා වෙඩික්කරු ප්‍රවාහනය කරන ලද සහ මාර්ගය නිරීකෂණය කරන ලද පුද්ගලයන් දෙදෙනා බවටත් තොරතුරු අණාවරණය වී තිබෙනවා.
තවද 39 හැවිරිදි පාතේගම, වැලිගම ප්‍රදේශයේ සැකකරු දැනට විදේශ ගතව සිටිනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ලෝස්ටාර් චුටී නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බවට අණාවරනය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය
The post ලෝස්ටාර් චූටි ගේ සහෝදරයා කොටු වෙයි appeared first on ITN News.