ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි
ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි සිදුවුණා.
ඇල්පිටිය නගරයේ පිහිටි රථවාහන අමතර කොටස් අලෙවි සැලක් පවත්වාගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ලකයි ගින්න හටගතතේ.
ඊයේ රාත්‍රී කාලයේ ගින්න හටගෙන ඇති බව දුටු යාබද ඉන්ධන පිරවුම්හලේ සේවකයින් හා අසල්වාසීන් ගින්න හටගත් ගොඩනැගිල්ල තුළ නිදාගෙන සිටි දෙදෙනෙකු ඉන් පිටතට ගැනීමට කටයුතු කළා.
ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලීසියේ ද සහාය ඇතිව ගින්න පැතිරයාම මැඩපවත්වනු ලැබුවා.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
The post ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි appeared first on ITN News.