වැලිගම ප්රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි පැවසෙන්නේ.
වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් වෙඩි තබා තිබේ.
එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
The post වැලිගම ප්රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.