යුක්තිය මෙහෙයුමෙන් මේ දක්වා මිලියන 858ක මත්ද්රව්ය අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා රුපියල් මිලියන 858ක මත්ද්රව්ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත් ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 558යි දශම 5ක් වටිනා දේපල ද තහනම් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මත් වුවදුර පිටුදැකීම මෙන්ම අපරාධ මැඩලීම අරමුණු කර ගනිමින් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
දෙසැම්බර් 17 වනදා සිට අද දක්වා වූ කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක් / අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 8ක් / මාවා කිලෝග්‍රෑම් 119යි ග්‍රෑම් 600ක් හා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35යි ග්‍රෑම් 800ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති ද ගංජා කිලෝග්‍රෑම් 297යි ග්‍රෑම් 8ක්ද මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
මේ දක්වා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 20,797 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 1018 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ අනුව රුපියල් මිලියන 858කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වාහන / නිවාස ඇතුළු රුපියල් මිලියන 558කට අධික වටිනාකමින් යුත් දේපලද තහනම් කර තිබෙනවා.
ජනතාවගෙන් ද මෙම මෙහෙයුමට විශාල සහයෝගයක් ලැබෙමින් පවතින අතර මේ දක්වා ජනතා ඇමතුම් 10,798ක් ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.
The post යුක්තිය මෙහෙයුමෙන් මේ දක්වා මිලියන 858ක මත්ද්රව්ය අත්අඩංගුවට appeared first on ITN News.