උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් කෙරුණා.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවන වූ දුම්රියක් ඊයේ උදෑසන 09.30ට පමණ පීලිපැනීමකට ලක් වුණා.
ඒ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේදීයී. පීලි පැනීමට ලක්ව තිබී දුම්රිය එංජිම හා මැදිරි දෙක පීලිගත කිරීමට කඩිනම් පියවර ගැනුනු අතර දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ.
The post උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට appeared first on ITN News.