පිළියන්දල ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක ගින්නක්
පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන සිදු කළ ස්ථානයක හටගත් ගින්නකින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මාවිත්තර කනත්ත පාරේ නිවසක් තුළ මෙම ගින්න හට ගෙන තිබුණා.
උත්සව සමය වෙනුවෙන් ගිණිකෙළි නිෂ්පාදනය කරමින් තිබූ මෙම නිවසෙහි හටගත් ගින්නෙන් මව, පියා, දියණිය සහ පුත්‍රයා පිලිස්සුම් තුවාල ලැබූ අතර ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
ගිනිකෙළි නිෂ්පාදන වෙළදපොලට රැගෙන යාමට ලහි ලහියේ කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදු වූ අතර ඉන් නිවසෙහි ගෘහ භාණ්ඩවලට හා යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව පොලීසිය සදහන් කළා.
The post පිළියන්දල ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක ගින්නක් appeared first on ITN News.